ආදරයේ සිහින ගොන්න
සිහිවි නෙත් කඳුළු ගේන
ඔබ හා ගෙවු අතිතයට
රැගෙන යන්න මා......
දවස පුරා හාදු දිපු
කදුළු සිබින මේ දෙකොපුල
පිසදාගෙන සනසාගෙන
රැගෙන යන්න මා.......
තනි යහනක සුසුම් හෙලන
දෙතැනක තනිවි ඔබ මම
පෙරදා පිරි හැගුම් ගොඩට
රැගෙන යන්න මා.......
දයාබරම කදුළු වුණත් ඔබේ ඈස් දෙක
පරාජිතව සමු ගන්නම් දෙන්න අත් දෙක
මලානිකව සෙලවෙන ගස් වෑල් මල් අතර
ලියා තිබුණු දුක් ගීයකි අපේ සෙනෙහස....
සරා සදට තේරෙන්නෑති කවියක පේලී
මම මුමුනන්නම් මගෙ තනියට කවුරුත් ඒවී
ඔබ නිදන යහනෙදි හඩවන නෙතු මා
මතක් කලත් මට ඈති දේවී...
ආත්ම ගණනක් බෑරි වී සන්සාරෙ දිගේ
අපි හමු වී වෙන් වෙන්නෑති මේ ලෙසින් ජීවිතේ
අමතකව නෑති හෑටී.....
මතකයට එපා එන්නට පවුකාර සිතුවිලී
මේනකා.....
No comments:
Post a Comment